Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරොනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමග හැටන් – වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක් වසා දමා තිබෙනවා.

පසුගිය දා එම කම්හලෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ ආශ්‍රිතයින් 60 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පාලන අධිකාරිය කටයුතු කරනු ලැබුවේ.

ඒ අනුව තවත් සේවක සේවිකාවන් 10 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ තහවුරු වී තිබෙනවා.

මේ වන විට අදාල ඇඟලුම් කම්හලේ සේවකයින් 200 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂණ කේ.කාමදේවන් සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *