Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරස අර්බුදයෙන් ආර්ථීක වශයෙන් වඩාත්ම පීඩාවට පත් ලෝකයේ නැගී එන ආර්ථීකයන් හිමි රටවල් 6 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර “ද ඉකොනොමිස්ට්” සඟරාව අධ්‍යයනයක් මගින් හෙළි කරගෙන තිබෙනවා.

ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති මෙම ආර්ථීක විද්‍යා සඟරාව, ශ්‍රේණිගත කිරීම ගණනයේදී රාජ්‍ය ණය, විදේශ ණය (රාජ්‍ය හා පෞද්ගලික), ණය ගැනීමේ පිරිවැය සලකා බැලු බව දක්වා තිබෙනවා.

එහි ශ්‍රීලංකාව දක්වා ඇත්තේ 61 වන ස්ථානයටයි. ශ්‍රීලංකාවට පහලින් පිළිවෙලින් ඇන්ගෝලාව, ලෙබනනය, බහරේනය, සැම්බියාව සහ වෙනිසියුලාව දැක්වෙයි.

නැගී එන ආර්ථිකයන් හිමි රටවල් 66 ක ආර්ථික මට්ටම් මෙහිදී විශ්ලේෂණය කර ඇති අතර රාජ්‍ය ණය, විදෙස් ණය, ණය ගැනීමේ හැකියාව හා සංචිත ආරක්ෂණය යන අංග යටතේ මෙම සලකා බැලීම කර තිබෙනවා.

අදාල සටහනේ තවත් සාක් රටවල් කිහිපයක්ම දක්නට ඇති අතර බංග්ලාදේශය ,ඉන්දියාව ,පාකිස්තානය වැනි රටවල් ලංකාවට ඉහලින් ශ්‍රේණි ගතකර තිබෙනවා.

සලකා බලන රටවල් වලින් වඩාත් හොඳින් පසු Covid 19 යුගයට මුහුණ දිය හැකි රට ලෙස දක්වන්නේ බොට්ස්වානා රාජ්‍යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *