හොංකොං පුරා කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරයාමත් සමඟ වෛරසය ආසාදනය වූ ගෘහ සේවිකාවන්ව නිවෙස් හිමියන් විසින් නිවසෙන් එළියට ඇද දමමින් සිටින බවට වාර්තා වේ.
ඒ අනුව මෙලෙස නිවෙස් වලින් එළියට ඇද දෑමූ ගෘහ සේවිකාවන් රැසක් මේවන විට හෙංකොං හී විදිවල ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
හොංකොං හී ගෘහ සේවිකාවන් ලක්ෂ තුනහාමාරකට ආසාන්න පිරිසක් සිටින අතර ඉන් බහුතරය පිලිපීන සහ ඉන්දුනීසියානු ජාතිකයින් වේ.
මෙම ගෘහ සේවිකාවන්ගෙන් බහුතරයක් එම නිවෙස් වලම වාසය කරමින් සේවය කරයි.
එම සේවිකාවන් ඉතා කුඩා ඉඩ ප්රමාණයක් දිවි ගෙවන අතර ඇතැමුන් නිවෙස් හිමිකරුවන්ගේ දරුවන්ගේ කාමර වල බිම නිදා ගැනීම සිදු කරන බව ද වාර්තා වේ.
ඔවුන් සතියකට දින 6ක් සේවය කරන අතර නිවාඩු දිනයේ ද බොහෝ විට විනෝද වීමට හෝ නිදහසින් ගත කිරීමට වැඩි අවකාශයක් නොලැබෙයි.
මෙලෙස දැඩි වෙහෙසකාරී දිවියක් ගත කරනු සේවිකාවන්ට මසකට ඇමරිකානු ඩොලර් 593ක් වැටුපක් හිමිවේ.
කෙසේ වෙතත් මේ වන විට නිවෙස් වලින් එළියට ඇද දැමූවන් විශාල පිරිසක් දැඩි සීතිලේ වීදි වල දිවි ගෙවන අතර එරට පනවා ඇති ගුවන් ගමන් තහනම් හේතුවෙන් බොහොමයකට යලි සිය රටට යෑමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.