Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15) උදෑසන තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් – 19 යැයි සැක සිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව පෞද්ගලික රෝහල වසා දැමීමට පියවර ගත් බව අමබලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ප්‍රකාශකයකු පැවසුවා.

හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේ සිට කොවිඩ් – 19 රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් මේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවත් ඇය පි .සි.ආර් .පරීක්ෂණ සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමුකළ බවත් ඔහු කීවේය.

එහි ප්‍රතිඵල මත රෝහල සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීමට නියමිතය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *