ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
නව කොරෝනා ආසාදිත බවට හදුනා ගත් නාවික හමුදා සෙබළාගේ අසල්වාසී පුද්ගලයෙකු අනුරාධපුර ලංගම ඩිපෝවේ සේවයේ යෙදී සිට තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි එම ආයතනයේ ප්‍රකාශකයකු පැවසීය.
පොළොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි, කොරෝනා ආසාදිත බව හෙළිවූ නාවික හමුදා සෙබළා සමග සමීපතව ඇසුරු කල පිරිස් අදාළ ඩිපෝ සේවකයා සමගද ඇසුරු කර ඇතැයි විශ්වාස කෙරේ.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනුරාධපුර ඩිපෝව වෙත පැමිණ එහි වැඩිදුර පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත.
අනුරාධපුර ඩිපෝවට අනුයුක්ත බස්රථ ගණන ආසන්න වශයෙන් 100ක් පමණ වේ. එය 300ක පමණ කර්යය මණ්ඩලයකින් සමන්විතයි.