Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොළොන්නරුව, හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ, මින්නේරිය ජාතික පාසල අද (27) ආරම්භ කර ස්වල්ප වේලාවකින් දෙමාපියන් පැමිණ දරුවන් රැගෙන ගිය බව එහි විදුහල්පති පවසයි.  

මින්නේරිය ජාතික පාසලේ විදුහල්පති කේ. රණවීර මහතා වැඩි දුරටත් පැවසුවේ, කොවිඩ්-19 රෝගියෙකු හමුවූ හිඟුරක්ගොඩ කලාප කාර්යාලයට පාසලේ ගුරුවරුන් ගොස් තිබීම හේතුවෙන් දෙමව්පියන් බිය වී මෙලෙස තම දරුවන් පාසලෙන් රැගෙන ගිය බවය.  

ඒ පිළිබඳව අදහස් දැක්වූ විදුහල්පතිවරයා.

සුපුරුදු ලෙස පාසල  අද  දින ආරම්භ කළා. නමුත් වෙන දා මෙන් දරුවන් පාසලට පැමිණ සිටියේ නෑ. පාසල ආරම්භ වෙලා ටික වෙලාවක් ගියා විතරයි දෙමාපියන් පැමිණ ඇවිල්ලා ඉඳපු තම තමන්ගේ දරුවන් අරන් ගියා. 

මෙහෙම වෙන්න හේතුව වුණේ අපේ කලාප කාර්යාලයේ සේවකයෙකු කොව්ඩි-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනීමයි. ඊයේ කලාප කාර්යාලයට ආව ගිය 80 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කළා. අපේ විද්‍යාලයේ ගුරුවරුනුත් ඒ කලාප කාර්යාලයට ගියා. ඒ නිසා දෙමාපියන් බය වෙලා පාසලට පැමිණ සිටි දරුවන් ආපසු අරන් ගියා.”

කෙසේ වෙතත් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ටී.ඒ.ඩී.වයි. ගීතාංජලී මහත්මිය සඳහන් කළේ, හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය තුළ කිසිදු පාසලක් වසා දැමීමට තමන් උපදෙස් දී නොමැති බවය. 

එමෙන් ම, උතුරු මැද පළාත් කාර්යාලය තමන්ගෙන් කලාපයේ කිසිදු පාසලක් වසා දැමීමට උපදෙස් ලබා නොදුන් බව ද ඇය සඳහන් කළාය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *