Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට වාර්තා වන කොරෝනා මරණ ප්‍රමාණය සිව්වන දිනටත් 150 සීමාව ඉක්මවනු ලැබුවා. ඒ අනුව අද දිනයේ මරණ සංඛ්‍යාව සහ වාර්තා වන රෝගීන් අතරින් කොරෝනා මරණ අනුපාතය සලකා බලන විට එය 5% වැඩි අගයක් ගනු ලැබුවා.

ගෝලීය කොරෝනා මරණ අනුපාතය 1.4% තරම් අගයක් ගන්නා විට දී මෙරට මතුව ඇති මෙම තත්වය ඉතා විශාල ගැටළුවක්. මේ පිළිබඳව රවී කුමුදේශ මහතා සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අදහස් පලකලා.

දැනට වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් මෙන් තුන් ගුණයක් සමාජය තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

එහිදී, ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ

පැහැදිලිවම වාර්තාවෙන සංඛ්‍යාවට වඩා වැඩි පොසිටිව් කොටසක් ඉන්නවා සමාජයේ. තුන්ගුණයක් විතර ඉන්නවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්.

මේ පිළිබඳව වැඩි දුර විස්තර පහත විඩියෝවෙන්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *