Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සනිටුහන් කරමින් ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 44ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ, එම මරණ මැයි මස 2 වන දින සිට මැයි 20 දක්වා වු කාලය තුළ සිදුව ඇති බවයි.

මේ අතර පෙරේදා (20) දිනයේ සඳහන් කල මරණ ප්‍රමාණය (38) ලෙස වාර්තා කල ද එම මරණ ගණන 37ක් ලෙස සංශෝධනය විය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

අවසන් වරට වාර්තා වූ මරණ 44න් 30 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 14ක් ද ඒ අතර වනවා.

මියගිය පුද්ගලයින්ගෙන් 23 දෙනෙකු වයස අවුරුදු 71 ඉක්ම වූ පුද්ගලයින් වනවා.

මේ අනුව ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1132ක් ඉහල ගියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *