Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනය තුල ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 31 වාර්තා වූ බව ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට පමණ වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සිය වෙබ් අඩවිය හරහා දන්වා තිබුනා. පහත ඇත්තේ ඊට අදාල සබැඳිය.

කෙසේ නමුත් මෙම දත්ත භාවිතා කොට ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම ශ්‍රී ලංකාවේ බහුතර මාධ්‍ය විසින් මෙම නිවේදනය ප්‍රචාරය කරනු ලැබුවා.

කෙසේ නමුත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ (14) රාත්‍රී 11.55ට නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ අදාල දිනය තුල ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 29ක් බවයි.

මේ ඊට අදාල ලිපිය,

මේ අනුව බලන විට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එකම දිනයක දී පැය දෙකක පරතරයක් තුල නිකුත් කරන ලද නිවේදන දෙකක් තුල දී සඳහන් කොට ඇත්තේ මෙරට සිදුවූ කොරෝනා මරණ ගනන 31 සහ 29ක් ලෙසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය රාත්‍රී 10ට මරණ 31 ලෙස දක්වන විට රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව රාත්‍රී 11.55ට එය දක්වා තිබුනේ මරණ 29ක් ලෙසයි.

Sharing is caring!

2 Comments

  • 🚫😒, 2021-05-15 @ 8:33 AM Reply

    මැරුණ අයගෙන් කිහිප දෙනෙක් ආයෙ ඉපදෙන්න ඇති 12 වෙද්දි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *