Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනය තුල ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වුණා. ඒ අනුව Covid -19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදනය වීමෙන් ඊයේ දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්

No photo description available.

මේ අතර ඊයේ දිනය තුල ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 597 දෙනෙක් වාර්තා වුණා. ඒ අතුරින් 256 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් 79 දෙනෙකු නාරාහේන්පිටින්ද, 19 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් ද වනවා.

මඩකලපුවේ 63ක්, ගම්පහ 62ක්, කෑගල්ලේ 50ක්, කලුතර 36ක්, රත්නපුර 34ක් සහ මහනුවර 33ක් ඊයේ ආසාදිතයන් අතර වුණා.

අම්පාරේ 20ක්, මාතලේ 13ක්, නුවරඑළියේ 06ක්, කුරුණෑගල 05ක්, හම්බන්තොට 04ක් සහ පුත්තලමේ 03ක් ඊයේ ආසාදිතයන් අතර වුණා.

ගාල්ලේ 02 ක්, යාපනයේ 02ක්, බදුල්ලේ 02ක් සහ අනුරාධපුරයේ එක් ආසාධිතයෙකුද ඊයේ වාර්තා වූ බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලා.

අනෙක් 05 දෙනා විදේශයන් හි සිට පැමිණි අයයි.

කිළිනොච්චි, මන්නාරම, වවුනියාව, පොළොන්නරුව, මොණරාගල, මාතර, මුලතිවු හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලින් ඊයේ කිසිදු ආසාදිතයෙකු සටහන්වී තිබුණේ නැහැ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්