Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කර තිබේ.

ඒ් අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළගොස් ඇත.

එසේ මරණයට පත්ව ඇත්තේ සෙවණගල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ජාඇළ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැලණිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර කුරුණෑගල  දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම (GN442) වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *