Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව, බංගලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලට ඉන්දීය හමුදා කණ්ඩායම් යෙදවීමට සූදානමක් පවතින බව The Times of India වාර්තා කරයි.

ඒ කොරෝනා වසංගතය පාලනය කිරීමේ ක්‍රියාන්විතයට සහය වීම සඳහායි.

14 දෙනෙකුගෙන් යුත් ඉන්දීය හමුදා කණ්ඩායමක් පසුගිය මස මාලදිවයිනට පිටත්ව ගොස් ඇත. ඒ එරට පරීක්ෂණාගාර පිහිටුවීමට සහ දේශීය වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහායි.

එමෙන්ම 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය හමුදා කණ්ඩායමක් මේ මස මුලදී කුවේටය වෙතද පිටත් විය.

කෙසේ නමුත් මේ පිලිබඳව කල විමසීමකදී, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කලේ ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට යැවීමේ සැලසුමක් නොමැති බවයි.

මහ කොමසාරිස් කාර්යාලය මෙසේ ප්‍රකාශ කළේ ඇතැම් ඉන්දියානු මාධ්‍ය වාර්තා වලට ප්‍රතිචාර දක්වමින්ය.

Leave a Reply

Your email address will not be published.