Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නුදුරු දිනකදී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවත්, සංචාරකයන් ගැවසෙන ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, ආපන ශාලා, සුපිරි වෙළෙදසැල්, පොදු ස්ථාන, ‌හෝටල්, රෙස්ටූරන්ට්, ආගමික ස්ථාන, ගුවන්තොටුපොළවල්, විශාල සංස්කෘතික උත්සව, අධ්‍යාපන ස්ථාන, රෝහල් ආදිය ත්‍රස්ත ඉලක්ක විය හැකි බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් පිලිබඳ පුවතක් අප විසින් මිට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් පල කරන ලදී.

කෙසේ නමුත් මෙම නිවේදනය පසුගිය පාස්කු ප්‍රහාර සමයේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් සඳහන් කොට තිබු නිවේදනයක් ලෙසත්, එය ත්‍රස්ත ප්‍රහාරයක අවධානමක් නැවත පැමිණීම නිසා සිදුවූ නිවේදනයක් නොවන බවට ෆැක්ට් ක්‍රේසෙන්ඩෝ ආයතනයේ නිරීක්ෂනය අනුව පැහැදිලි කොට තිබෙනවා.

ඒ අනුව,  අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට කාලයකට පෙර සිට ත්‍රස්ත ප්‍රහාර අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම සම්බන්ධයෙන් දක්වා තිබු උපදේශනවල වෙනසක් පසුගිය දා නිකුත් කරන ලද නව උපදේශන මඟින් සිදුව නැති බවත් ඒවා නොවෙනස් ව පවතින බවත්ය.

ඇමරිකාවේ CDC ආයතන විසින් එක් එක් රටවලට ලබාදෙන නිර්දේශ මත පදනම් ව සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස (Level 4 : Do Not Travel) උපදේශනයක් ලංකාවට ද නිකුත් කර තිබෙනවා.මෙය කොවිඩ් ව්‍යාප්තිය මුල් කරගනිමින් සිදුකරන ලද උපදේශනයක් වන අතර දකුණු ආසියානු කලාපයේ බොහෝ රටවලට ද මෙසේ මීට පෙර සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස (Level 4 : Do Not Travel) උපදේශනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සෑම රටකම වාගේ ද ත්‍රස්ත අවදානම සම්බන්ධයෙන් උපදේශන ද දැක්වෙනවා.මේ අනුව ත්‍රස්ත ප්‍රහාර පිලිබඳ අවදානම පිලිබඳ කරුණු නොවෙනස්ව තිබියදී මෙසේ සෞඛ්‍ය නිර්දේශ මත (කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්) සිදුකරනු ලැබූ සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස උපදේශනයට මෙසේ වැරදි අර්ථකතනයක් සහිතව සටහන් හුවමාරු වී තිබෙන බව පෙනී යනවා.

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ද පැහැදිලි කළේ, නව සංචරණ කිරීමෙන් වැළකී සිටින ලෙස (Level 4 : Do Not Travel) උපදේශනය ලබා දී ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් බවත් මීට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් තිබෙන අවදානම් තත්වය පිලිබඳ නිවේදනයේ කිසිදු වෙනසක් නොමැතිව එලෙසම පවතින බවත්ය.

Title: ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් ලංකාවට යෑමෙන් වැළකී සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්?

Fact Check By: Sara Gunaratne 

Result: Misleading

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *