Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Covid-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කොන්ක්‍රීට් යෙදූ සිමෙන්ති වළක සිදුකළ හැකි බවට යෝජනාවක් මීළඟ කොවිඩ් තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

මෙම වයිරසය වැඩි කාලයක් මෘතදේහ තුළ නොපවතින බැවින් ඉදිරියේදී එය එතරම් ගැටලුකාරී තත්ත්වයක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

පසුගියදා පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේ ජලය එකතු නොවන ක්‍රමවේදයකට මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය සඳහා සකස් කළ යුතු බවයි. එබැවින් වඩාත් සාර්ථක ක්‍රමවේදය මෙය වන බව වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කළ බව අරුණ වෙබ් අඩවිය වාර්තා කරනවා.

Covid-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා අවම වියළි භූමියක් ඒ සඳහා තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්