කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා අවසර ලබාදීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඉකුත් 25වනදා නිකුත් කළා.
ඒ අනුව කොවිඩ් ආසාදිත මළසිරුරු ආදාහනය කිරීමට හෝ භුමදානය කිරීමට අවසර හිමි වූයේය.
එහෙත් භූමදානය සිදුකළ හැක්කේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නියෝග කරන ලද විධිවිධානවලට අනුකූලව නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක දී පමණක් බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම නිසි බලධරයාගේ අධික්ෂණය යටතේ භූමදාන කටයුතු සිදුවිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.