කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත් පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයා, මාළු මිලදී ගැනීම සඳහා පැමිණ තිබීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට දින 3 ක කාලයක් වසා දැමීමට එහි වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පිහිටා ඇති මාළු අලෙවිසැල් සංඛ්‍යාව 154 ක් වනවා.
හෙට දිනයේදී එහි වෙළඳුන් PCR පරීක්ෂණයකට ද භාජනය කරන බවයි එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි කියා සිටියේ.