Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සාතම්මාවත්තේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු පෙරේදා (15 දා) සවස් වන විට වාර්තා වී ඇත.

ඒ අනුව කොළොන්නාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යාමට සැරසෙද්දි ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ට පහර දී තිබිණි.

ඊයේ (16 වැනිදා) උදැසන විට ලැබී තිබූ පී.සී.ආර්. ප්‍රතිඵල අනුව තවත් ආසාදිතයන් 10 දෙනෙකු එම සාතම්මාවත්තේම සිටින බවට තහවුරු වී ඇත.

පසුව ආසාදිතයින් 18 දෙනා ඉවත් කරගැනීමට යාමේදී ද පෙර ලෙසම ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරෙමින් සෞඛ්‍ය අංශ නිලධාරීන්ට වත්තට ඇතුළු වීමට ඉඩ නොදුන්හ.

මේ අවස්ථාවේ කොළොන්නාව නගර සභාවේ සභාපති ගුත්තිල සිල්වා විසින් වහාම පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමට පියවර ගත්තේය.

සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ආරක්ෂක අංශවලද සහාය ඇතිව මහත් පරිශ්‍රමයක් දරා ඊයේ සවස් වන විට ආසාදිතයන් 18 දෙනා ඉවත් කරගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.

සිරිසේන ගමගේ – කොළොන්නාව

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *