Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති ‘හයිඩ්‍රාමනී නීට්’ කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 06 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

එම සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉකුත් 21 වෙනිදා සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවෙන් ආසාදිතයන් තහවුරු වූ නිසා ආරක්ෂිත පියවරක් ලෙස මුළු කර්මාන්තශාලාවම වසා දමා විසබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි.

නැවත විවෘත කරන දිනයක් දන්වන තෙක් එහි සියළු සේවකයන්ට නිරෝධායනට වීමට දන්වා තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *