Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගෙවුණු මාර්තු මාසයේ ඉන්දියාවෙහි දෙවෙනි කොරෝනා රැල්ල ආරම්භ වීමත් සමග ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටී.විචාරකයින් එය කොරෝනා සුනාමියක් ලෙසද දක්වා සිටින අතර මේ තත්ත්වය හේතුවෙන් එරට සෞඛ්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් බිඳ වැටීමට ලක්විය හැකිබව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේදී පමණක් කොවිඩ් ආසාදිතයින් 315,802 ක් වාර්තා වූ අතර කොවිඩ් මරණ 2,102 ක් වාර්තා විය.ඒ දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව බව එරට මාධ්‍ය සඳහන් කරයි.

එරට කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් ඖෂධ නොමැතිව මිය යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.තවද දෛනික මරණ ඉහළ යෑම නිසා සොහොන් පිටිවල ඉඩ නොමැති වීම නිසා මළ සිරුරු ගොඩ ගැසෙමින් තිබෙන බවද සඳහන් වේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *