Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (10) දිනයේ මෙරට හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 720ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අද පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 560ට අමතරව තවත් ආසාදිතයින් 160 දෙනෙකු දෙවනවර හඳුනා ගැනීමත් සමඟ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 526,223ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (09) දින තවත් කොවිඩ් මරණ 35ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම කොවිඩ් මරණ 35න් 17දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 18දෙනා පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,331ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 468ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 480,097ක් දක්වා ඉහළ යයි.

මේ අතර ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ

අපි පළාත් අතර සංචරණ සීමා පනවාගෙන යනවා. එසේ වුවත් ජනතාව සිද්ධස්ථානවලට ඒවගේම මළගෙවල්, මඟුල් ගෙවල්වලට තමන්ගේ පවුලේ හිතවතුන් එක්ක තියෙන උත්සවවලට ඉතාම අධික විදියට එකතුවෙලා නරක විදියට පුර්වාදර්ශයක් දෙමින් තියෙනවා.

ඊයේ මම අටමස්ථානය වැඳපුදා ගන්න ගියා. විශේෂයෙන්ම දැක්කා රුවන්වැලිසෑය, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ආසන්නයේ ඉතා විශාල පිරිසක් එකතුවෙලා සිටිනවා.

විශේෂයෙන්ම මේ සති දෙකකට තුනකට පෙර දවසකට 200ක් මියගිය රටක්. තාම මේ අසනීපේ සම්පූර්ණයෙන්ම නැතිවුණා කියලා හිතන්න නරකයි.

අපිට කිසිම වගකීමක් දෙන්න බෑ ඉදිරියේ දී මේ වෛරස් එක වෙන්නේ නෑ කියලා. පෙන්න තියෙනවා ලෝකයේ නැවත වතාවක් අලුත් රැල්ලක් මතුවෙමින් පවතිනවා.

රෝගීන් හා මරණ ප්‍රමාණය ඉහළ යමින් තියෙනවා. ඒ නිසා අවදානම පහව ගියා කියලා වැරදි අදහසක් ගන්න එපා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *