Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය වසරේ කොවිඩ් වසංතය තුළ පවා මෙරට HIV (ඒඩ්ස්) ආසාදිත සංඛ්‍යාව 2019 වසරට සාපේක්ෂව ආසාදිතයන් 357 කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත ​රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. මෙලෙස ලංකාවේ අවුරුදු 19-25 ත් අතර වයස්වල සිටින HIV ආසාදිත පිරිමින්ගේ සංඛාව ඉහළ ගොස් ඇත.

2020 වසර අවසන් වන විට මෙරට HIV ආසාදිත පුද්ගලයන් ගණන 3600ක් එයින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් පවත්වාගෙන යන සායන සඳහා ලියාපදිංචි වී ඇත්තේ ආසාදිත පුද්ගලයන් 2000ක් පමණක් බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරනවා

ඉතිරි පුද්ගලයන් 1600 ක ප්‍රමාණයක් තමා HIVආසාදිතයකු බව නොදැන සමාජයේ ජීවත් වෙති.

තමා ආසාදිතයකු බව නොදැන සමාජගතව සිටින පිරිස හේතුවෙන් නීරෝගී පුද්ගලයන් හටද එච්.අයි.වී ආසාදනය වීමේ අවදානමක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි. එසේම එච්.අයි.වී ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල බැවින් ඔවුන් හට කොවිඩ් වසංගතය වැලඳීමේ වැඩි අවදානමක් පවතියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *