Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට පළමු හෙද නිලධාරීනිය මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ප්‍රියන්ති රම්‍යා කුමාරි විතානගේ නමැති මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරිනියකි.

කොවිඩ් ආසාදනය වීමෙන් ඇය මෙලෙස මිය ගිය බවයි, රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

නහරයක් පිපිරිම හේතුවෙන් ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීමට කෑගල්ල රෝහලට යොමු කර ඇති අතර එම රෝහලෙන් නුවර රෝහල වෙත යවා තිබෙනවා

කෑගල්ල රෝහලේදී කල පි සි ආර් පරික්ෂනයේදී එම වාර්තාව කොවිඩ් නොමැති බවට් තහවුරු වී තිබුනත් මහනුවර රෝහලේදී සිදු කළ පි සි ආර් පරික්ෂනයේදී කොවිඩ් ආසාදිතව තිබු බවත් සමන් රත්නප්‍රිය මහතා Live at 8 වෙබ් අඩවිය වෙත තහවුරු කර සිටියා

නුවර හෙද විදුහලේ අධ්‍යාපනය ලැබු ඇය 98 කණ්ඩායමේ නිලධාරීනියකි.

ප්‍රියන්ති රම්‍යා කුමාරි විතානගේ නමැති ඇය මාවනැල්ල රෝහලෙහි සේවයට එක්ව ඇත්තේ 2001 දීය.

Posted by රජයේ හෙද නිලධාරීන්ගේ සoගමය on Thursday, February 25, 2021
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්