Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදිත 18 හැවිරිදි සිසුවියක් ඊයේ (13) දිනයේ මරණයට පත් විය.

මිය ගොස් තිබුනේ ගාල්ල මාදම්පා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් වන අතර ඇය ඉඩම්තොට මාදම්පේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම පාසල් සිසුවියට ඉකුත් 10 වැනිදා උණ වැළඳී තිබුණු අතරම ගෙලෙහි නහරවල කුඩා ගැටිති මතුව තිබේ.පසුව මෙම දැරිය බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර බලපිටිය රෝහලෙන් කරාපිටිය රෝහලට මාරු කර තිබේ.රෝහලේදී කරනු ලැබූ පී.සී.ආර් පරීක්ෂණයේදී දැරිවියට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

පෙරේදා (12) දින සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මෙලෙස මරණයට පත් ව ඇත.

මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ කෝවිඩ් නිව්මෝනියාව වැළඳීමෙන් සිරුරේ බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් මෙම සිසුවිය මියගොස් ඇති බවය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *