Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවේ මේ වනවිට සිටින කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගෙන් සියයට 12 ක් පමණ වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආසාදනය වී ඇති බවට සැක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සදහන් කරන්නේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිදයාලයේ වෛරසවේදය සහ ප්‍රතිශක්තිවේද අංශය විසින් රැස්කර පර්යේෂණයට ලක්කරන නියැදි විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සියයට 12ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයන් ආසාදිත රෝගීන් අතර සිටිය හැකි බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය බටුවන්තුඩාව පෙන්වා දෙන්නේ මේ තත්ත්වය කිසිසේත් නොසලකා හළ යුතු එකක් නොවන බවය.

වෙනත් සංකූලතා සහිත වැඩිහිටියන් අතර ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීම පිළිබඳ ව පවතින දත්ත සීමිත බව ද අවධාරණය කරන වෛද්‍ය බටුවන්තුඩාව දරුණු සංකූලතා හෝ මරණයට පත්වීමේ සැලකිය යුතු අවදානමක් පවතින බැවින් සෞඛ්‍යය පිළිවෙත් දැඩිව අනුගමනය කළ යුතු බවට අවධාරණය කරන්නේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.