Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (17) දින මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,609ක් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අද පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 2,663ට අමතරව තවත් ආසාදිතයින් 892 දෙනෙකු දෙවනවර මෙරට දී හඳුනා ගැනීමත් සමඟ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 54ක් ද ඇතුලත්ව බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 365,683ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (16) දින තවත් කොවිඩ් මරණ 171ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,434ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,283ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 314,340ක් දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *