Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වීමෙන් පසුවත් මාස 3 – 12ත් අතර කාලයක් කොවිඩ් වෛරසය ශරීරය තුළ පවතින බව හඳුනාගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහලෙන් පිටව ගිය බොහෝ රෝගීන් පිරිසක් නිවසේදී මියගොස් ඇති බවයි.

දින 10කින් රෝහලින් පිටව යන රෝගීන්ට කොවිඩ් වෛරසයේ බලපෑම නිසා අතුරු ආබාධ ඇතිවීමේ අවදානම පවතින අතර එවැනි රෝගීන් ගම්පහ, මාරවිල ප්‍රදේශයෙන් හමු වී ඇති බැවින් එම රෝගීන්ගේ ශරීරය තුළ යළිත් ප්‍රතිදේහ වර්ධනය වෙයි.

මේ සම්බන්ධව පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකය විසින් දැනටමත් ආරම්භ කර ඇති බවත් කොවිඩ් වෛරසය ආසාදනය වී සුවවන රෝගීන් අවම වශයෙන් මාස 3ක්වත් පවුලේ අනෙකුත් සාමාජිකයින්ගෙන් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *