Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදිතව සිට නිරෝධායන අවසන් කළ තවත් 18 හැවිරිදි පාසල් සිසුවෙක් අද (26) අලුයම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත පදිංචි, ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලයේ මෙවර අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දුමිඳු දේශාන්ත නම් සිසුවෙකි.

මියගිය සිසුවා ඇතුළු පවුලේ සියලුම දෙනා කොවිඩ් ආසාදිතව සිට ඇති අතර ඔවුන්ගේ නිරෝධායනය අවසන්ව සිට තිබේ.

අද (26) අළුයම 2ට පමණ පියා අවදි වී තම ඇඳේ නිදා සිටින දරුවා අතගා ඇති අතර එහිදී ඔහු නින්දේ දීම මිය ගොස් ඇති බව දැනගෙන ඇත.

මෙම තරුණ සිසුවාගේ අවසන් කටයුතු අද නිරෝධායන ක්‍රමවේදයට අනුව සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *