Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක් සිය දරුවාට නිරෝගී උපතක් ලබාදෙමින් මියගිය පුවතක් ඊයේ (14) කුරුණෑගලින් වාර්තා වනවා.

කුරුණෑගල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිත බවට හෙළිවී ඇති අතර පසුව ඇය කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

එහිදී මෙම ගර්භනී කාන්තාව දරු ප්‍රසුතිය සඳහා සුදානම් වීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කමක් සිදුකර ඇති අතර එම අවස්ථාවේදී ද දිගින් දිගටම ඇයට අපස්මාරය රෝගය උත්සන්න වී ඇති බවයි රෝහල් බලධාරීන් පැවසුවේ.

දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමත්ව ඇතත් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සැත්කමෙන් අනතුරුව මව මරණයට පත්ව තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *