Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විවිධ නිෂ්පාදකයින්ගේ කොවිඩ් එන්නත් මිශ්‍ර කර ලබාදීම භයානක තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරයා පසුගිය සඳුදා (12) උපදෙස් දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන්, ජිනීවා එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමය (ACANU) විසින් සංවිධානය කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වී වෙමින මේ බව පැවැසීය.

එය ටිකක් භයානක ප්‍රවණතාවක්. අපි සිටින්නේ මිශ්‍ර කිරීම හා ගැලපීම පිළිබඳව දත්ත රහිත, සාක්ෂි රහිත කලාපයක

සෞම්‍යා ස්වාමිනාදන් මාර්ගගත සාකච්ඡාවකට පැවසීය.

මේ නිසා දත්ත හෝ සාක්ෂිවලින් තොර කලාපයක එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක විය හැකි බව ඇය සඳහන් කළා.

මේ අතර තායිලන්තය සිනොවැක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිශ්‍ර කිරීමට සැරසෙන පුවතක් පිළිබඳව ඊයේ වාර්තා වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කොට ඇති බව වාර්තා වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *