Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා සය පුද්ගල ජනාධිපති කාර්ය සාධක බලකයක් ස්ථාපිත කර ලබන වසරේ (2021) මාර්තුවේදී අවදානම් කණ්ඩායම් වලට එන්නනත කඩිනමින් ලබා දෙන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ඊයේ (29) පැවසීය.

කොවිඩ් එන්නත කඩිනමින් ලබා ගැනීම සඳහා අවශ්‍යය සම්බන්ධීකරණ කටයුතු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ලලිත් වීරතුංගට මහතාටය.


එන්නත් ලබාගැනීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය රාසියා ඔඑන්සෙ සමග පෙරේදා (28) විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූ බව ඔහු අනාවරණය කලේය.

එංගලන්තයෙ නිර්මාණය කරන ලද එන්නතක් ඉන්දියාවේදී මිලියන 300ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සූදානම්ව තිබේ. එම එන්නත ජනගාහනයෙන් සීයට විස්සකට (20%)ලබා දීමට මැදිහත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පොරොන්දු වී ඇත.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය. ආසියානු රට වලින් එන්නත් කඩිනමින් ලබා දීමට රටවල් දෙකක් යෝජනා වී ඇති අතර ඉන් එක් රටක් වන්නේ ශ්‍රී ලංකාවයි. එන්නත් ලබා දීම සඳහා මෙම

එන්නත්කරණය පිළිබඳ ඉතිහාසය, එන්නත් කල යුතු පිරිස හඳුනා ගැනීම, බෙදා හැරීම, එන්නත් කිරීමේ හැකියාව යන ආදිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යනයක නිරත වෙයි. එම අධ්‍යනයට අනූව එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක සිටින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන ඇත. මෙලෙස ලබා ගැනීමට යෝජිත එන්නතක මිල ඇමරිකානු ඩොලර් හතරක් පමණ වේ.


සාමාන්‍ය ශීතකරණවලද තැබිය හැකි මෙම එන්නතක වයස අවුරුදු 15ට අඩු දරුවන්ට ලබා දීමේ අවශ්‍යතාවක් නැති බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.
කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජනතාව, සෞඛ්‍ය, ආරක්ෂක අංශ සාමාජිකයන්, වැඩිහිටියන් සඳහා පළමුව එන්නත ලබා දීමට ද රජය තීරණය කර තිබේ. කොවිඩ් එන්නත ලබා ගැනීමට රටවල් 192ක් සූදානමින් සිටියි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *