Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (15) දින සිට Covishield එන්නත සාමාන්‍ය ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරන බව යුද්ධ හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවත් කොවිඩ්-19 රෝගය වැළඳීමට වැඩි අවදානමක් ඇති පුද්ගලයන්ට එම එන්නත ලබා දෙන බවත් යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය.

සාමාන්‍ය කියන්නේ ජනතාවගේ, මහජනතාව අතර ගිහින් වැඩ කරන සේවකයන් ඉන්නවනේ, තව රෝගී තත්ත්වය වැළඳෙන්න පුළුවන් වැඩි අවදානම තියෙන අය ඉන්නවනේ ඒ තෝරාගත් අයට. නමුත් බස්නාහිර පළාතෙන් ආරම්භ කරන්නේ මේක. කොවිඩ් වැඩියෙන් ම තියෙන්නේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ නේ. එතනින් පැතිරයාමේ අවදානමක් තියෙන කණ්ඩායම් තෝරාගෙන එන්නත්කරණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ, මෙම සති අන්තයේ ඉන්දීය Oxford-AstraZeneca එන්නත් ලක්ෂ 5ක ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත බවය.

පසුගිය ජනවාරි 28 වන දා මෙරටට ඉන්දියාවෙන් ලැබුණු එන්නත් ලක්ෂ 5ක ප්‍රමාණය පුද්ගලයන් 250,000කට පමණක් ලබා දීමට සැලසුම් කර තිබුණ ද එන්නතෙහි දෙවන මාත්‍රාව සති 12කින් ලබා දීම වඩා ප්‍රතිඵලදායී බව මේ වන විට ප්‍රකාශ වී ඇති නිසා ඉතිරි එන්නත් ප්‍රමාණය සාමාන්‍ය ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව යුද්ධ හමුදාපතිවරයා පැවසීය.

මින් පෙර ප්‍රකාශ වී තිබුණේ දෙවන එන්නත් මාත්‍රාව සති 4-6ක් ඇතුළත ලබා දිය යුතු බව ය.

අද (15) දිනය වන විට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයන් 189,349 දෙනෙකුට එන්නත ලබා දී අවසන් ය.

ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දීමට නියමිත එන්නත් තොගයෙන් කොටසක් මෙම මස අග හෝ මාර්තු මස මුල සතියේ ලැබීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

එම නිසා ඉතිරි කරගෙන සිටි එන්නත් ප්‍රමාණය තවදුරටත් තබාගෙන මුලින් එන්නත ලබා දුන් පිරිසට දෙවැනි මාත්‍රාව දීම වෙනුවට එය සාමාන්‍ය ජනතාවට ලබා දීම සිදු කරන බව යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

No photo description available.
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *