Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට රජය ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මැයි මාසය අග සහ ජුනි මාසය වනවිට තුන්වන කොවිඩ් රැල්ලක් රටතුළ ඇතිවීමේ දැඩි අවදානම් තත්වයක් උද්ගතවනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.

එසේ වුවහොත් රට දැඩි ව්‍යසනයකට මුහුණ දෙන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ හලාවත පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

ඉකුත් දෙසැම්බර් මාසයේදී පැවති නත්තල් උත්සවයෙන් පසුව රට තුල කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමක් දක්නට ලැබූ බවත් එළඹෙන උත්සව සමයේදී ජනතාව ස්වයං පාලනයකින් තොරව කටයුතු නොකළහොත් මැයි මාසය අග භාගය වන විට කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යාමක රට තුල දක්නට ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ හේතුවෙන් යම් සංචරණ සීමා පැනවීමට සහ නිසි මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කටයුතු කළ යුතු බවයි ඔහු මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *