Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඍජු අපනයන ඉලක්ක කර ගනිමින් බස්නාහිර පළාතේ පවත්වාගෙන යන කර්මාන්ත ශාලා 800ක් පමණ කොවිඩ් බලපෑම මත ඉදිරියට ගෙනයාමේ දැඩි අර්බුදයකට මුහුණපා තිබෙනවා.

මින් වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර එම ප්‍රමාණය හයසියයකට ආසන්නයි.

Image Source – Getty Images

ආයෝජන මණ්ඩලය යටතේ පාලනය වන ආයෝජන ප්‍රවර්ධන කලාප පහක් ඇති අතර . එම කලාප පහේ කර්මාන්ත ශාලා 164ක් තිබෙනවා.

ඒ කටුනායක 79ක්, බියගම 55ක්, මීරිගම 8ක්, මල්වාන 6ක් හා වතුපිටිවල 16ක් වශයෙනි.

මෙම කම්හල්වල අසූදහසකට ආසන්න පිරිසක් සේවය කරනවා.

මීට සාපේක්ෂව හොරණ හා සීතාවක ආයෝජන කලාපවලද කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමග එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

විදේශයන්ගෙන් ඇතැම් කර්මාන්ත ශාලාවලට ලැබුණු ඇණවුම්ද නියමිත කාලයට ලබාදීමට නොහැකිවීම මත විශාල පාඩු ලැබීමට සිදුවූ බව එම කර්මාන්ත හිමියෝ පවසනවා.

මෙහිදී වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කම්හල්වලටයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *