Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෛනික කොවිඩ් වාර්තාවට අනුව අද (04) මෙරටින් නව කොරෝනා මරණ 145ක් සහ නව ආසාදිතයින් 3,333ක් වාර්තා වුණා.

ඒ අනුව අද වාර්තා වුයේ ඊයේ (03) දින තහවුරු කල කොරෝනා ආසාදිත මරණ 145ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එම කොවිඩ් මරණ 145න් 68 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 77දෙනා පිරිමි පුද්ගලයින් වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9,951ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ප්_රවෘත්ති-නිවේදනය-898

එමෙන්ම අද (04) දින මුල් වතාවේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2,640 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 693ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 3,333ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 459,389ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ප්_රවෘත්ති-නිවේදනය-900

එමෙන්ම අද දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,310 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 382,476ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *