Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෛනික කොවිඩ් වාර්තාවට අනුව මෙරට හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,842ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අද පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 2,028ට අමතරව තවත් ආසාදිතයින් 804 දෙනෙකු දෙවනවර හඳුනා ගැනීමත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණි 10දෙනෙකුද හඳුනා ගැනීමත් සමඟ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,478ක් දක්වා ඉහළ ගියා.

ප්‍රවෘත්ති-නිවේදනය-924

එමෙන්ම ඊයේ (09) දින තවත් කොවිඩ් මරණ 131ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

කාන්තාවන් 58 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 73 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995ක් දක්වා ඉහළ ගියා.

ප්‍රවෘත්ති-නිවේදනය-923

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,512ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 409,628ක් දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *