Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදුන්න ද ඒ සඳහා වන මාර්ගෝපදේශ ලබාදෙන තෙක් ආසාදිත මළසිරුරු මිහිදන් කිරීමට ඉඩ නොලැබෙන බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා පත් කර ඇති තාක්‍ෂණික කමිටුව අද රැස්වී ඊට අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම ආරම්භ කළ බවයි.

අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, ඒ සඳහා යොදාගත යුතු ස්ථාන තෝරාගැනීම කළ යුතු ක්‍රමවේදයන් සකස් කිරීම නියමිත පරිදි සිදු කිරීමට අවශ්‍ය බැවින් යම් කාලයක් ගතවන බවයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පැවසුවේ.

කෙසේවෙතත් ඉදිරි සතිය තුළ එම මාර්ගෝපදේශ ලබාදීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පැවසුවේ.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මාර්ගෝපදේශ ලබාදෙන අතරතුර මියයන ආසාදිතයින්ගේ මළසිරුරු ඥාතීන්ගේ කැමැත්ත මත ආදාහනය කිරීමට අවස්ථාව ඇති අතර, ඊට අකමැත්තක් පළ කරන්නේ නම්, මාර්ගෝපදේශ නිකුත් කරන තෙක් එම මළසිරුරු මෘත ශරීරාගාර තුළ තැන්පත් කර තැබීමට ද පියවර ගන්නා බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *