Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ට මානසික රෝගයක් නොමැති වුවද විෂාදය රෝග ලක්ෂණ ඇතිවීමට හැකි බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු පවසයි.

ඊයේ (14 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කොවිඩ් මෙන්ම වෙනත් වයිරස රෝග ආසාදිත වීමෙන් සති තුනකට පසු විෂාදය රෝග ලක්ෂණ ඇතිවිය හැකි බවත්, එම රෝග ලක්ෂණ වන්නේ කලකිරීම, ක්‍රියාකාරී බව අඩුවීම, නින්ද නොයාම, දෛනික කටයුතු සිදුකිරීමට නොහැකිව අලස වීම වැනි කාරණා බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත වූ පුද්ගලයකුට මෙවැනි රෝග ලක්ෂණ මතුවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසද විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු දැනුම් දෙයි.

එසේම මානසික රෝග ඇති පුද්ගලයකුට කොවිඩ් ආසාදිත වූ පසුවද මානසික රෝග සඳහා ප්‍රතිකාර ගැනීම අඛණ්ඩව සිදුකළ යුතු බව හෙතෙම පැවැසීය.

මානසික රෝගය ඇති පුද්ගලයාට සායන සඳහා යාමට නොහැකි නම් ඥාතියකු හෝ සායනවලට ගොස් ඔහුට හෝ ඇයට අවශ්‍ය බෙහෙත් ලබාදීම වැදගත්.

එසේම මානසික රෝගීන් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම වැදගත් බවද විශේෂඥ නීල් ප්‍රනාන්දු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *