Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 වැළඳී ගම්පොළ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොත්මලේ පොලිසියේ සැරයන්වරයෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ නුවරඑළිය, කොත්මලේ පොලිසියේ අවසන් වරට රාජකාරි කටයුතු සිදු කළ සැරයන්, සුප්පයියා ඉලන්ගෝවන් නමැති 56 හැවිරිදි නැමති පොලිස් නිලධාරිවරයෙකි.

වසර 33 කාලයක් පොලිස් සේවයේ යෙදී සිටි සුප්පයියා ඉලන්ගොවන් පොලිස් සැරයන්වරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ආරක්ෂක නිලධාරිවරයෙකු වශයෙන් රාජකාරි කර ඇති අතර පසුව නුවරඑළිය පොලිසියේ රාජකාරි කටයුතු සිදු කර තිබේ.

අනතුරුව ඔහු මීට මාස දෙකකට පමණ ප්‍රථම කොත්මලේ පොලිසියට මාරුවීමක් ලබාගෙන ගොස් ඇත.

තලවකැලේ, පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි අතුරුදහන් වී ඇති පොලිස් සැරයන්වරයා තිදරු පියෙකු වන බවත් සැරයන්වරයාගේ බිරිඳ පූඩළුඔය දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් සේවය කරනු ලබන බවත් අප වාර්තාකරු පැවසීය.

අතුරුන් දැන්වූ සැරයන්වරයා කොවිඩ්-19 වැළඳී පවුලේ සමාජිකයන් ද සමග අගොස්තු මස 31 වන දින සිට නිවසේ නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් අනතුරුව රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම හේතුවෙන් සැප්තැම්බර් මස 8 වන දින ගම්පොළ මහ රෝහල වෙත ඇතුළත් කළ බවත් අදාළ සැරයන්වරයාගේ පුතා පවසා තිබේ.

අනතුරුව ඔහු එම රෝහලේ 10 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇත.

තම පියා රෝහලට ඇතුළත් කර දිනයේදී ම රෝහල් පාලන අධිකාරිය නේවාසිකව ප්‍රතිකාර ලැබූ තම පියා රෝහලෙන් පැන ගොස් ඇති බවට දැනුම් දුන් බව අතුරුදහන් වූ සැරයන්වරයාගේ පුතා කියා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, තම පියාට රෝහලෙන් පැන යාමට හෝ එසේ පැන ගොස් සැඟවී සිටීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, අතුරුදන් වී ඇති තම පියා සොයා දීමට අවශ්‍ය කටයුතු කරන මෙන් පොලිසියෙන් සැරයන්වරයාගේ බිරිඳ ද ඉල්ලා සිටින බව අප වාර්තාකරු පැවසීය.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, දාළ සැරයන්වරයා නිධන්ගත රෝගයකින් පෙළුණු අයෙකු බවත් එම සැරයන්වරයා රෝගයට බිය වී ඥාතියෙකුගේ හෝ යහළුවෙකුගේ රැකවරණය යටතේ සැඟ වී ඇති බවට පොලිසිය සැක කරන බවත් ය.

කෙසේ වෙතත්, අතුරුදහන් වූ සැරයන්වරයා සොයා ගැනීමට ගම්පොළ සහ කොත්මලේ පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව එම නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *