Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාසල් සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය පවසනවා.

මිය ගොස් ඇති දරුවා මීට පෙර කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනා ගෙන ඇති අතර දංකොටුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා පෙබරවාරි මස 22 වැනිදා නිවසට පැමිණ තිබෙනවා.

මිය ගොස් ඇත්තේ මුන්දලම – කරුන්ගාලිචෝල පදිංචිව සිටි ආනන්ද සුර්සි ශශිදරන් (අවු:19) නම්වූ දරුවෙකි.

මිය ගොස් ඇති දරුවා පුත්තලම ප්‍රදේශයේ පාසලක උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි අයෙක් වනවා.

ඊයේ (05) තම නිවසේ නිදා සිටි දරුවා නිදි පැදුරේම මිය ගොස් සිටි අතර සිරුර පුත්තලම මූලික රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *