Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා මළ සිරුරක් වැරදීමකින් මුදා හැර මල්ශාලාවේ එම්බාම් කරන අතරතුර නැවත පානදුර මූලික රෝහලට රැගෙන යාමේ සිද්ධියක් පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මෙසේ නැවත රෝහල වෙත රැගෙන විත් ඇත්තේ , පානදුර , වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු ගේ මළසිරුරක් බව පැවසෙනවා.

පසුගිය 12 දා රාත්‍රි මියගිය පුද්ගලයාගේ මළ සිරුර පානදුර මූලික රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර , ඔහුගේ පවුලේ අයවලුන්ට කොරෝනා තත්ත්වයක් නිරෝධායනයට ලක්ව නොමැති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් ලබාදුන් නිර්දේශයකට අනුව පි.සී.ආර් වාර්තාව ලැබීමට ප්‍රථමයෙන් .දේහය ඥාතීන්ට මුදාහැර තිබෙනවා.

ඒ අනුව මෘත දේහය පානදුර , පල්ලිය මුල්ල ප්‍රදේශයේ මල් ශාලාවකට රැගෙන ගොස් එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණා.

එම අතරවාරයේදී ලැබී ඇති පී.සී.ආර් වාර්තාවට අනුව , මියගොස් ඇති පුද්ගලයාට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරුව, කලබල වූ රෝහල් කාර්ය මණ්ඩලය වහා මල්ශාලාව වෙතගොස් වෙත ගොස් නැවත මෘතදේහය පානදුර මූලික රෝහල වෙත රැගෙන විත් ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මල්ශාලාවේ කාර්ය මණ්ඩලය සහ නිවැසියන් දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබෙනවා.

මේ අතර පානදුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද පුවත්පතකට සඳහන් කර ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත්ව නොමැති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *