Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ කොරෝනා වෛරසය නොසිතූ අයුරින් දැඩිව ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති හෙයින් එරට ධනවතුන් සිය පවුල්වල සාමාජිකයින් සමග පෞද්ගලික ජෙට් යානාවලින් ඉන්දියාවෙන් පළා යමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ ඔක්සිජන්, රෝහල් ඇඳන් සහ ඖෂධ ආදිය හිඟකම හේතුවෙන් ධනවතුන් විශාල වශයෙන් මුදල් වැය කර වෙනත් රටවලට යාම සඳහා ගුවන් ටිකට් පත් ඇණවුම් කරමින් සිටින බව එම වාර්තාවල දැක්වෙනවා.

ඔවුන් මෙලෙස පළා යාමට තැත් කරන්නේ, ඩුබායි සහ යුරෝපීය රාජ්‍යයන් වෙතටයි.

ඊට අමතරව තවත් පිරිසක් ඉන්දියන් සාගරයේ ආරක්ෂිත රටවල් වෙත ද යමින් සිටින බව වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 352,991 දෙනෙකු වාර්තා වූ අතර දිනෙන් දින වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාවද ඉහළ යයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *