Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් සඳහා Covishield එන්නත අද (31) දිනයේ ලබා දීමට සැලසුම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අද (31) පෙරවරු 08.00 සිට නාරහෙන්පිට පොලිස් රෝහලේදී මෙම එන්නත් කිරීමේ වැඩසටහන පැවැත්වෙන බව ය.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *