Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ වන විට මැද කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන අය නොවන බවත් එවන් ආසාදිතයන් පාලනය අභියෝගයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.

එම එම ව්‍යාප්තිව පාලනය සඳහා සැලසුම් සකස් කිරීම සෞඛ්‍ය අංශවල සහ අනෙකුත් අංශවල වගකීමකැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.

දැනට පොකුරු ආකාරයෙන් හමු වෙන රෝගීන් ප්‍රමාණය ඉහළ ගියහොත් රෝගීන් පොකුරු ගණන පාලනයෙන් ගිලිහුණහොත් වෛරසය පාලනය කර ගැනීමට නොහැකි වනු ඇති බවද ඔහු සඳහන් කරට සිටියා.

මෙම වෛරසය පාලනය සඳහා සිංගප්පූරු විසින් ලෝකයේ ප්‍රශස්තම ආකෘතියක් පාවිච්චි කළද අද වන විට ඔවුන්ගෙන් එම පාලනය ගිලිහෙමින් ඇති බව ඔහු පැවසුවා.

දැනට ශ්‍රී ලංකාවේ හමුවෙන්නේ අතේ ඇඟිලි ගානට ගණනින් පෙන්විය හැකි පොකුරු රෝගීන් සංඛ්‍යාවක් වූ ද ඉදිරියේදී එය අසාමාන්‍ය ලෙස ඉහල ගියොත් පාලනය කළ නොහැකි තත්වයට පත්වන බවද ඔහු කියා සිටියා.

එනිසා නිසි ආකාරයෙන් නියැදි හඳුනා ගෙන පරීක්ෂණ කරමින් පාලනය කළ හොත් පමණක් මෙය පාලනය කළ හැකි බවද ඔහු අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published.