Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

70 වැනි අභිමානවත් ගුවන් හමුදා සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ගුවන් යානා සන්දර්ශනයේ ආරම්භක දිනය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (03දා) පස්වරුවේදී ගාලුමුව‍ෙදාර පිටියේදී ගුවන් සන්දර්ශනය පැවැත්විණි.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ගුවන් සන්දර්ශනය මෙලෙස ඊයේ දින ආරම්භ වූ අතර, ගාලුමුව‍ෙදාර අහස විචිත්‍ර කරමින් ඉන්දියානු ගුවන් හමුදා බළගණයට අයත් කෆීර් යානා සහ හෙලිකොප්ටර් යානා ගුවනේ දස්කම් පෑ අන්දම කාගේත් ආකර්ෂණයට ලක්විය.

ඉන්දියානු ගුවන් යානා සන්දර්ශනයට එක් වෙමින් උඩු ගුවනේ අනේකවිධ රටා මවද්දී ඒ පිළිබඳ විස්තර කථනය සිදු කළේද ඉන්දියානු ගුවන් නිලධාරිනියන් වීමද විශේෂත්වයකි.

ලක’ඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ගුවන් සන්දර්ශනය මෙරට සහ ඉන්දියානු ගුවන් යානා එක්කර ගනිමින් අද (04දා) සහ හෙට (05දා) දෙදින තුළ පස්වරු 5.00 – 6.00 අතර ගාලුමුව‍ෙදාරහිදී පැවැත්වේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සන්දර්ශනය සංවිධාන කොට ඇත.

මෙම සන්දර්ශනය මහජනතාවටද විවෘත කොට තිබේ.

සටහන – චාමර අමරසූරිය
ජායාරුප – තිලිණ කලුතොටගේ

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *