Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසයට ගොදුරු වූ ඉසිපතන විද්‍යාලයේ 18 හැවිරිදි ශිෂ්‍යයෙක් අද (16) අළුයම කළුබෝවිල රෝහලේ දී මිය ගියේය.

මියගොස් ඇත්තේ සමිත දිල්තුෂාන් නැමැති දරුවෙකි.

පෙරේදා ( 15 ) හුස්ම ගැනීමේ අහපහසු තත්වයක් මත රෝහල්ගත කළ ඔහු කොවිඩ් ආසාදිත බව රෝහලේ දී තහවුරු වී ඇත.

පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දරුවා බේරා ගැනීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක් ගෙන තිබුණත් අවසානයේ දී සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වී තිබේ.

සමිත විද්‍යාලයීය ඡායා රූප සංගමයේ සභාපතිවරයා ලෙසත්, ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ කර්තෘවරයා ලෙසත්, ලියෝ සමාජයේ උප සභාපතිවරයා ලෙසත් කටයුතු කළ විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි.

සමිත ගේ පියා විද්‍යාලයී නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන ප්‍රියදර්ශන ඉඹුල්ගොඩය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *