Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ කොටුව හතරවන හරස් විදියේ වෙළඳසැලක සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ

කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කරන්නේ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් 04 දෙනා වාර්තා වූ බවයි.

මේ වන විට එම ව්‍යාපාරික ස්ථානයේ සිටි සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රීතයින් 35 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවයි වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කරන්නේ.

පෙරේදා දිනයේදී මෙම PCR පරීක්ෂණ සිදුකොට ඇති බවයි වෛද්‍ය දිනුකා ගුරුගේ වැඩිදුරටත් පවසන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *