ග්රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්රදේශයේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
අද උදෑසන 3ට පමණ හටගත් ගින්න මේවන විට සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කරන්නේ.
ගින්න හටගත් ප්රදේශයේ නිවාස 250ක් පමණ පිහිටා ඇති අතර ඉන් 50කට පමණ හානි සිදුව ඇතැයි සඳහන් වෙන්නේ.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් රථ 8ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 18ක් මෙන්ම ප්රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තිබෙනවා.
නිවාස පෙළෙහි පිහිටි එක් නිවසක දල්වා තිබූ පහනක් පෙරළිමෙන් ඇතිවූ ගින්න එලෙස නිවාස පෙළට පැතිර ගොස් ඇති බව ද මේ වනවිට ගින්න පාලනය කර ඇති බවටයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.