Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ – ජම්පටා වීදිය ප්‍රදේශයේ ගබඩාවක් තුළ අද (27) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

ගින්න මේ වනවිට ඒ අවට ඇති පේළි නිවාසවලට ද පැතිර ගොස් තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 12ක් පිටත්ව ගොස් ඇතැයි ගිනි නිවීම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, ගින්න හේතුවෙන් මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැත.

කෙසේවෙතත් ගින්නෙන් දේපොළ හානි සිදුව ඇති අතර, ගින්න පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.