Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,000 සීමාව පසුකර ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් 157 දෙනාත් සමගයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,141ක්.

මේ අතර මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 14,893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ රාති‍්‍රයේ තවත් ආසාදිතයින් 92 දෙනෙකු වාර්තා වීමත් සමගයි. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තව පැවසුවේ, එම ආසාදිතයින් 92 දෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ‍්‍රිතයින් වන බවයි.

ඒ අනුව ඊයේ දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 325 ක් වන බව ද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *