Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රැකියාවල නිරතවන පුද්ගලයින් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් අද (15) ආරම්භ කර තිබේ.

නොමිලේ මෙම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරේ. ඒ බොරැල්ල කැම්බල් පිටියේදීය.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි, වෛද්‍ය දිනූකා ගුරුගේ කියා සිටියේ සෑම දිනකම පෙරවරු 9 සිට 11 දක්වා එම කටයුතු සඳහා පහසුකම් පවතින බවය.

කොවිඩ් රෝග ලක්ෂණ තිබෙන ඕනෑම කෙනෙකුට මෙම පරීක්ෂණ සඳහා පෙනීසිටිය හැකි බවද ඇය සඳහන් කළාය.

මේ අතර අද බදුල්ල නගරයේ ගමන් කරමින් සිටි ජනතාව අහඹු ලෙස තෝරාගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදුකර තිබුණි.

සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව එම වැඩසටහන දියත් කර ඇත. ඉන් 37දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *